මෙවර මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන පොහොට්ටුව වටා එකතු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද(2020.07.30) පෙරවරුවේ මහනුවර දවුලගල ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අගමැතිවරයා සඳහන් කළේ විවිධ මතිමතාන්තර හේතුවෙන් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව දුරස් බවක් දැක්වුවද මෙවර මැතිවරණයේ දී ඔවුන් නිවැරදි තීන්දුවකට එනු ඇති බවයි.
මුස්ලිම් ජනතාව වෙනුවෙන් වැඩිම සේවයක් කළ ආණ්ඩුව වන්නේ තමන්ගේ ආණ්ඩුව බව පෙන්වා දුන් අගමැතිවරයා එක් අවස්ථාවකදී තම රජයක මුස්ලිම් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වූ බව සඳහන් කළේය.
තම රජය කිසිදු අවස්ථාවක ජාති ආගම් භේදයක් මුල් කරගෙන කටයුතු නොකළ බව අවධාරණය කළ අගමැතිවරයා අප අදහන බුදු දහමට අනුව ද එවැනි දෙයක් සිදුකළ නොහැකි බව පෙන්වා දුන්නේය.
එදා එල්. ටී. ටී. ඊ සංවිධානය විසින් කාත්තන්කුඩියේ එකසිය ගණනක් වෙඩි තබා මරා දමා තිබූ අවස්ථාවක මුස්ලිම් ජනතාවට කුඹුරට යන්න, පල්ලියට යන්න හමුදාව යොදවා ආරක්ෂාව සැලසූ වූ බවත් ගම්මාන වල ජීවත් වීමට නොහැකිව සේරුවාවිලට පැමිණි මුස්ලිම් ජනතාව ආරක්ෂා සහිතව නැවත ගම්මානවල පදිංචි කරවීමට තමන් පියවර ගත් බවත් අගමැතිවරයා මෙහිදී සිහිපත් කළේය.
තම රජය සෑම විටම සියලු ජාතීන්ට වැඩක් කළ ආණ්ඩුවක් බව දැනටමත් ඔප්පු කොට ඇතැයි ද අග්රාටමාත්ය්වරයා මෙහිදී අවධාරණය කළේය.