ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ රුපියලේ අවප්‍රමාණය වීම තවදුරටත් එලෙසින්ම සිදුවීම නිසා අද රාත්රියේදී (10දා) ක්‍රියාත්මක කෙරෙන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යා හැකි බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව දැනට රුපියල් 149ක්ව පවතින ඔක්ටේන් 92 පැට්රල් ලීටරයක මිල, රුපියල් 161ක්ව පවතින ඔක්ටේන් 95 පැට්රල් ලීටරයක මිල, රුපියල් 123ක්ව පවතින ඔටෝ ඩීසල් ලීටරයක මිල මෙන්ම රුපියල් 133ක්ව පවතින සුපර් ඩීසල් යූරෝ 4 ලීටරයක මිලපවතින තත්ත්වය අනුව යම් ප්‍රතිශතයකින් ඉහළ යාමේ අවස්ථාවක් පවතින බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු පවසා සිටියේය.
ඊට අදාළ සාකච්ඡාවන් අද දහවල් මුදල් අමාත්‍යාංශයේදී සිදුවන බවත්, පසුගිය මාසයේ 10 වැනිදාට සාපේක්ෂව මේ මාසයේ 10 වැනිදා වන විට ලෝක බොරතෙල් මිල, සිංගප්පූරු ප්ලැට්ස් මිල දර්ශකය මෙන්ම රුපියලේ අවප්‍රමාණය දරුණුවීම යන සාධක අවසන් තීරණය සඳහා හේතුවන බවද හෙතෙම පවසා සිටියේය.
පසුගිය සැප්තැම්බර් මාසයේ 07 වැනිදාට සාපේක්ෂව ඊයේ (ඔක්තෝබර් 09) වන විට බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 76.73 සිට ඩොලර් 84.60 දක්වා ඩොලර් 7.83කින් ඉහළ ගොස් ඇත. එසේම ශ්‍රී ලංකා රුපියලද සැප්තැම්බර් 10 වැනිදා සිට ඊයේ (ඔක්තෝබර් 09) දිනය වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල් 8.8721 කින් අවප්‍රමාණය වී තිබේ. සැප්තැම්බර් 10 වැනිදා ඩොලරයේ වටිනාකම රුපියල් 163.47 ක් වූ අතර ඊයේ දිනය වනවිට එය රුපියල් 172.34 ක් බවට පත්ව තිබුණි.
එසේම ඊයේ (09දා) දහවල් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බොරතෙල් මිල දර්ශකයට අනුව සිංගප්පූරු වෙළෙඳ පොළ තුළ නිස්සාරණය කෙරුණු බොරතෙල් නිෂ්පාදන යටතේ පවතින පැට්රල් බැරලයක මිල ඩොලර් 89.75ක්, ඩීසල් බැලරයක මිල ඩොලර් 95.39ක් සහ භූමිතෙල් බැරලයක මිල ඩොලර් 96.16ක් ලෙස සඳහන්ව තිබුණි.
ඒ අනුව මෙය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති මිල ගණන්වලට සාපේක්ෂව බැරලයක් සඳහා පිළිවෙලින් ඩොලර් 4.15ක්, 5.59ක් සහ 5.83 ක් යනාදී ලෙස මිල ඉහළ යාමකි. සැප්තැම්බර් 07 වැනිදා මෙම අගයන් පැවතී ඇත්තේ පැට්රල් බැරලයක මිල ඩොලර් 85.60ක්, ඩීසල් බැලරයක මිල ඩොලර් 89.80ක් සහ භූමිතෙල් බැරලයක මිල ඩොලර් 90.33ක් ලෙසිනි.
මේ වසරේ මුල්වරට තෙල් මිල ඉහළයාම පසුගිය මැයි 10 වැනිදා සිදුවිය. එහිදී ඔක්ටේන් 92 පැට්රල් ලීටරයක මිල රුපියල් 117 සිට 137 දක්වාත්, ඔක්ටේන් 95 පැට්රල් ලීටරයක් රුපියල් 128 සිට 148 දක්වාත් රුපියල් 20කින් වැඩි විය. එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 85 සිට 109 දක්වාත්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110 සිට 119 දක්වාත් වැඩි විය.
ඒ අනුව පසුගිය මැයි 10 වැනිදා සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා මේ වනවිට අවස්ථා හතරකදී තෙල් මිල ඉහළ ගොස් ඇත. එය පිළිවලින් ඔන්ටේන් 92 පෙට්‍රල් රුපියල් 32කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 33 කින්, ඔටෝ ඩීසල් රුපියල් 38 කින් සහ සුපිරි ඩීසල් රුපියල් 23 කින් යනාදී ලෙස ඉහළ නංවා තිබේ.