මාසයක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ඉන්දියාව වාර්තා කර ඇති අතර, ගෙවීගිය දින කිහිපය තුළ අඛණ්ඩව එරට ආසාදිත මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා වාර්තා වී තිබේ.
මේ වනවිට රටේ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 72,775ක් දක්වා ගොස් ඇති අතර, ගෙවීගිය දිනයේ ආසාදිත මරණ සමග මෙම අගය තවත් ඉහළ යනු ඇත.
මේ අතර, අවසන් වරට එරට දෛනික ආසාදිත අගය 75,809ක් ලෙස වාර්තා වූ අතර, එය මෙම සතියේ අඩුම දෛනික ආසාදන සංඛ්‍යාව වීමද විශේෂත්වයකි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,280,422ක් ලෙස සටහන් වෙයි.
මේ අතර, ඉන්දියාවේ ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබුණද, එරට ඉහළම සංචාරක ආකර්ෂණය දිනාගත් ටජ් මහල වසා දමා මාස 6කට පසුව, එය නැවත විවෘත කිරීමට සූදානම් වන බවද වාර්තා වෙයි.