නාවික හමුදාව 2020 මැයි මස 19 වන දින කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 21ත් 43ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය තොගය සහ යතුරු පැදි ඉදිරි විමර්ෂණ කටයුතු සදහා කුච්චවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.