මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු දේවාලයේ පුජකවරයා ඇතුළු හතර දෙනකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් සමග එම හිංදු දේවාලය තාවකාලිකව වසා දැම්මට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂන එන්. නරේන්ද්‍රන් මහතා පවසයි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසන ලද්දේ පසු ගිය දිනක මෙම හිංදු දේවාලයේ රැස්විමක් අමතමින් සිටියදි හදිසියේ මිය ගිය අයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම පුජකවරයා ඇතුළු මස්කෙළිය නගරයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් හතර දෙනකු හදුනා ගත් බවත්ය.
මෙසේ අලුතින් හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 30 දෙනකු 18වන දින පි. සි. ආර්. පරික්ෂවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් මස්කෙළිය ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 85 දෙනකු පමණ හදුනාගෙන ඇති බවද ඔහු තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවාහැටන්