දිපාවලි උත්සවයෙන් පසු බස්නාහිර පළාතෙන් වතුකරයට පිරිස් පැමිණිම නිසා වතු ආශ්රිත ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආශ්‍රිතයක් විශාල වශයෙන් හමුවන බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
මාධ්‍යයට (23) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ඩි.චන්ද්‍රරාජන් මහතා කියා සිටියේ දිපාවලි උත්සවයට පෙර සහ පසුව බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් මේ වන විට වතුකරයට පැමිණ ඇති බවයි.
මස්කෙලිය ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු 27 දෙනෙකු හදුනාගෙන ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරායොමු කර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
බස්නාහිර පළාතෙන් අලුතින් වතුකරයට පැමිණෙන පිරිස් ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදි පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඔවුන් වතුකරයේ පදිංචි නිවාස වලට යොමු කර පසු එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කරන බවයි.
මස්කෙලිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛවරසය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයන්ද මේ වන විට පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඇති බව ද පැවසිය.