ගිනිගත්හේන දියගල නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු කඩා වැටිම නිසා අතවශ්‍ය සේවාවන් සදහා එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
නෝටන්බ්‍රිජ් සහ ලක්ෂපාන ප්‍රදේශවලට (13) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දියගල නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය ප්‍රධාන මාර්ගයට නෝටන්බ්‍රිජ් ලොනැක් වත්ත ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩ වැටිම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ ඇත.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන අතර, ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරිමේ කටයුතු තරමක් ප්‍රමාද වන හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එම මාර්ගයේ ගමන් ගන්නා අත්‍යවශ්‍ය සේවා වාහන හැටන් මාර්ගය ඔස්සේ හෝ ලක්ෂපාන නෝටන්බ්‍රිජ් දෙකේ කණුව යන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.