මස්කෙලිය නල්ලතන්නිය ප්රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ල අසල අද (05) දින උදැසන 9ට පමණ ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
පසුගිය දින කිහිපය තුල සහ (05) දින උදැසන නල්ලතන්නිය ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද ප්රධාන මාර්ගයට කඩා වැටුණු බවත් , කඩා වැටුණු පස් කන්ද නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඉවත් කිරිමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාපට් අතුරා ප්රතිසංස්කරණය කරන ලද මාර්ගයට ඉහලින් වු පස් කන්ද කඩා වැටුණු බවත් , පවතින වර්ෂාවත් සමග තවදුරටත් එම ස්ථානයේ පස් කදු කඩා වැටිමේ අවධානමක්ද පවතින බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.