ජර්මනියේ කොවිඩ්-19 ආසාදිතයන් යළිත් වැඩිවෙමින් පවතින පසුබිමක මුඛ ආවරණ ප්‍රතික්ෂේප කරන ඇමෙරිකානු මාදිලියේ උද්ඝෝෂණයක් බර්ලීන් අගනුවර පැවැත්වී තිබේ.
ගෙවීගිය දිනයේ ජර්මනියෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 1,378ක් වාර්තා වී තිබූ අතර, යුරෝපය තුළ හොඳින් වෛරසය පාලනය කළ රාජ්‍යයක් ලෙස ජර්මනිය දිනාගත් ජයග්‍රහණ මෙවැනි උද්ඝෝෂණ හේතුවෙන් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවෙයි.
විශේෂයෙන්ම මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථකරණ නීති පිළිපැදීම තමන්ට දෙවියන් විසින් දුන් නිදහස සීමා කිරීමක් ලෙස සලකන මොවුන්, සෞඛ්යාරක්ෂක ක්‍රමවේද ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මුඛ ආවරණය ඇතුළු සමාජ ආරක්ෂක ක්‍රමවේද මේ අවස්ථාවේදී වසංගතයෙන් බේරීමට ඇති එකම විසඳුම් ලෙසිනි.
සෙනසුරාදා බර්ලීන් නුවර පැවැත්වුණු දැවැන්ත උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම අන්ත දක්ෂිණාංශික පිරිස්වල ක්‍රියාකලාපය රට යළිත් අනතුරේ හෙළීමක් බවයි.
මේ වනවිට ජර්මනියෙන් 250,000ක ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.