කොවිඩ් 19 වසංගතය ඉතාලියේ පැතිරිම ආරම්භ වීමත් සමග පසුගිය පෙබරවාරි 26 දා සිට වසා දැමු පාසැල් නැවත විවෘත කිරිම හො නොකිරිම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලීනා මහත්මිය පෙරේදා (19) පවසා සිටියාය.
පාසැල් විවෘත කිරිමට පෙර දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දිය යුතු බවත් කෝවිඩ් වසංගතය මදනය කිරිමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් එය ඉදිරි සති දෙකේදි ලැබෙන ප්‍රතිපල මත පාසැල් විවෘත කිරිම නොකිරිම හා කාලය දිර්ඝ කිරිම හො නොකිරිම් කියන කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමතිවරිය පවසා සිටියාය.
පාසැල් වසා දැමුවත් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාලවීමට ඉඩ නොදි විඩියෝ තාක්ෂණය හා අන්තර්ජාලය සම්බන්ධ වි ස්මාර්ට් ක්ලාස් රූම් තාක්ෂණය ඔස්සේ පාසැල් වසා සති දෙකක පමණ කාලයකදි නැවත ආරම්භ කිරිමට හැකි වු බවත් එ ඔස්සේ විෂය නිර්දේශයන්හි විශාල වැඩ කොටසක් සම්පුර්ණ කිරිමට හැකියාවක් තිබු බව ඇමතිවරිය පවසා සිටියාය.
මෙම වසරේ පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාල හා උසස්පෙළ කඩයිම් විභාග සම්බන්ධයෙන සාකච්ජා මට්ටමෙන් තිබෙන බවත් ආරක්ෂිතව එම විභාග පැවැත්වීම කෙරෙහි අවදානය යොමුවෙමින් තිබෙන බව අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලීනා මහත්මිය පවසා සිටියාය.
ඉතාලියේ නිල පාසැල් කාලය ජුනි මුල් සතියේ සිට සැප්තැම්බර් මුල් සතිය දක්වා ක්‍රියාත්මක වන අතර මාස 3 ක් කාලයක නිවාඩුවක් හිමි වේ.
චන්දන ප්‍රනාන්දු