ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය සහ රටේ කොවිඩ්-19 වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වන වික්ටෝරියා හි මාස තුනකින් අඩුම නව ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ වාර්තා කර තිබේ.
ඒ අනුව අද ප්‍රකාශයට පත්කළ දත්ත අනුව ප්‍රාන්තයේ නව ආසාදිතයන් 35ක් වාර්තා වූ අතර, මරණ 7ක් වාර්තා වී තිබේ.
කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙල්බර්න් විසින් පනවා ඇති සමහර සීමාවන් ලිහිල් කිරීමට පටන් ගෙන තිබේ.
නිවැසියන්ට දැන් සෑම දිනකම අමතර පැය දෙකක් පිටත ගත කිරීමට අවසර දී ඇති අතර, නගරයේ මතභේදාත්මක රාත්‍රි ඇඳිරි නීතිය පැයකින් අඩු කර ඇත.
මෙම ඇඳිරි නීතිය ඇතුළු සෞඛ්යාරක්ෂක නීතිරීති නොතකා පැවැත්වූ උද්ඝෝෂණයකදී පසුගියදා පිරිසක් අත්අඩංගුවටද පත්විය.