කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවේ සඳහන් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මාස 9ක් වයසැති බිළිදෙකුට පරදී ඇත්තේ එම බිළිදාගේම මව වෙයි. යාපනය පොලිස් වසමේදී මෙම සිදුවීම සිදුව තිබේ.
දරුවා පොලිස් භාරයට ගෙන ඇති අතර මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට කලකට පෙර කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති මෙම කාන්තාව දරුවාද සමගින් ලංකාවට පැමිණ තිබේ.