පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි බලයක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පෞද්ගලික සමාගම් හතරකින් කිලෝ වොට් ඒකකයක් රුපියල් 28.43ක සිට 30.63ක දක්වා පරාසයක් යටතේ මෙම විදුලිය මිලදී ගැනිමට නියමිතව තිබේ.
මාස හයක කාලයක් මෙසේ විදුලිය මිලදි ගැනිමට නියමිතව තිබේ. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය රවී කරුණනායක මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.