කොවිඩ් 19 වෛරසය ආසාදිත ව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාම යාම (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය .
තවද බමුණුමුල්ල සහ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම් වලින් රෝගීන් වාර්තාවීම අවම වීම නිසා අද 20 දින සිට සංචරණ සීමාවන් ඉවත් කිරීමටත් කටයුතු කරන බව වෛද්‍යවරිය කීය
අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පනවා තිබෙන සංචර සීමාවන් ඉවත් කිරීම සඳහා බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බණ්ඩාරගම පොලීසිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණ ගත් බව වෛද්‍යවරිය පැවසුවාය .
කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු එකවර හමුවීමත් සමගම ඉකුත් නොවැම්බර් 21 වෙනිදා අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් 7 ක් හුදකලා තත්ත්වයට පත් කර මේ වන විට මාස දෙකක් ගතවී ඇත.
එලෙස අවශ්‍යතා මත බැහැරව යන පුද්ගලයන් නිරෝධායන සහතිකය ද සමඟ , අනන්‍යතාවයන් සහතික කර ගල්තුඩේ සහ දොළපාර පොලිස් මුරපොල හරහා පිට වීමට අවස්ථාව සැලසීමට කටයුතු කරනු ලැබුවා .
එලෙස බැහැරව යන පුද්ගලයන් මෙන්ම ඔවුන් ගමන් ගන්නා වාහන ද විසබීජහරණය ලක් කිරීමට ද මෙහි දී පියවර ගැනිණි