යාපනය අරියාලෙයි මණීයන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව දරුවාද සමගින් මාර්තු මස 09 වනදා දක්වා පරිවාස භාරයේ තබන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටියේය.
කුඩා දරුවෙකුට කාන්තාවක් විසින් ඉතා අමානුෂිකව පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග අදාල කාන්තාව යාපනය නල්ලූර් ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සහ යාපනය පොලීසිය එක්ව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
24 හැවිරිදි අදාල කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට යාපනයේ පදිංචියට පැමිණ ඇති අතර කාන්තාවගේ සැමියා විසින් කුවේට් සිට තමන්ට ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් මානසික පීඩනයකට ලක්ව සිටි බවට කාන්තාව විසින් පොලීසියට පවසා ඇත.
කෙසේ වෙතත් අදාල කාන්තාවගේ නිවස අවට ප්‍රදේශවාසීන් පවසා සිටියේ මෙලෙස කුඩා දරුවාට දින කිහිපයක්ම පහරදීමෙන් දරුවා හඩන ශබ්දය තමන්ට ඇසුනු බවටත් දරුවාට පහරදී එය වීඩියෝ කර වීඩියෝ දර් ශන අමනාපයෙන් විදෙස්ගතව සිටින සැමියාට යැවීමට මෙම කාන්තාව කටයුතු කරන බවටය.
කෙසේ වෙතත් මාස 09 ක් වයසැති බිළිඳා සහ මව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 09 වනදා දක්වා බිළිඳා සමග මවද පරිවාස භාරයට යොමු කිරීමටත් මවගේ මානසික වෛද්‍ය වාර් ථාවක්ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටියේය.