මව්කිරි සිරවීමෙන් මාස දෙකහමාරක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම අංක 150/A හි පදිංචි මඩලගමගේ සෙනුල් දහම්ස සෙනෙහස් ජයකොඩි නමැති මාස දෙක හමාරක බිළිදෙකු බව කියයි.
මෙම බිළිඳාගේ මව සහ ආච්චි අම්මා බිලිදා සමග ගොඩගම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී උදෑසන මව් කිරි පොවා ගුඩුස් හැර දරුවා නිදි කරවා ඇතැයි පැවසේ.
එහෙත් පැයකට අධික කාලයක් දරුවා අවදි නොවීම නිසා මව පැමිණ ඒ පිළිබඳව විපරම් කිරීමේදී දරුවාගේ සිරුර අධික ලෙස සීතල වී තිබීමත් නහයෙන් ලේ සහ සුදු පැහැති ද්‍රවයක් වැගිරී තිබීමත් හේතුවෙන් ක්ෂණයකින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කොට පවසා ඇත්තේ බිළිදා මියගොස් ඇති බවයි .
ඒ අනුව බිළිඳු මළ සිරුර පශ්චාත් වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී බී.එන්.ටී.එම්. බෝරුක්ගම මහතා මෘතදේහ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන ලදී .
ඒ අනුව ලද වෛද්‍ය වාර්තාවට හා ඉදිරිපත් වූ සාක්ෂි අනුව ආමාශගත මව්කිරි කොටස් පෙනහළු තුළ තුල සිරවීමෙන් ශ්වසන අපහසුතාව බිළිදාගේ මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා නිගමනය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් (92518) ලක්මාල් නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
ශාන්ත ප්‍රදීප් කුලරත්න