හපුතලේ දඹේතැන්න වතුයායට මායිමේ මාවුස්සාගොල්ල කඳු රක්ෂිතයේ ඇතිවූ ගින්නක් අද (13) දෙවන දිනටත් ව්‍යාප්තව පවතින බවත් ලිප්ටන් සීට් (ලිප්ටන් අසපුව) සංචාරක නැරඹුම් වේදිකාව දෙසට මේ වනවිට පැතිරෙමින් පවතින බවත් හපුතලේ පොලීසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් මාවුස්සාගොල්ල රක්ෂිත ප්‍රදේශයේ අක්කර විස්සක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ.
වියළි කාලගුණය හා සුළං සමඟ ගින්න තවදුරටත් වේගවත්ව පැතිරෙමින් පවතින බවත් අධික බෑවුම නිසා නිවීමට ළඟාවීම අපහසු බවත් දඹේතැන්න වතු සමාගම් පවසයි.
ලිප්ටන් සීට් නැරඹීමට පැමිණි සංචාරකයින්ටද මෙම ගිනි ගැනීම නිසා ඈත නැරඹීමට මහත් බාධා ඇතිවී ඇති බව පැවසේ .