මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් රජයෙන් විශේෂ තිරණ කිහිපයක්
- 29 07 2020
- 16:41
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව මෙතෙක් පැවති මිනිත්තු 45ක කාලය පැයක් දක්වා දීර්ඝ කර තිබේ.
අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේය.
ඔක්තෝබර් මස 11 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතය. මාස 4කට වැඩි කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වු බැවින් ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන්ට යම් සහනයක් දීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රයේ වරණ 4 මෙවර වරණ 3ක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
