ඩයස් පෝරාවේ අවශ්‍යතාවයට සුහම්දිරම්ලා, ජයම්පතිලා එදා පාර්ලිමේන්තුව විකෘති කර ගන්න හදපු ව්‍යවස්ථා සංශෝධනය වැනි කිසිදු වැඩපිළිවෙළකට මියගිය රණවරුවන්ගේ නාමයෙන් යළි කිසිදා ඉඩක් නොතබන බව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එසේ වුවහොත් ජීවිත දහස් ගණනින් මාතෘ භූමිය වෙනුවෙන් පුද කල මවුබිමේ උදාර රණවිරුවණට කෙරෙන අපහාසයක් බවද ජාතියට දෙවන නිදහස දිනා දුන් එවක සේනාධිනායකයාත් වත්මන් සේනාධිනායකයාත් සිටින රජයක එය කිසිදා සිදු නොවන බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මහනුවර පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව් කීය.
ව්‍යවස්ථා සංශෝධන හොර ගිවිසුම් ඩයස් පෝරාවේ මෙන්ම අන්තවාදී කල්ලි වල අවශ්‍යතාවට පසුගිය කාලයේ ගෙන ඒමට උත්සාහ කල බවත් යළි එවන්නක් ඔවුනට සිහිනයකින්වත් සිතිය නොහැකි බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.
බලය බෙදීම පිළිබදව යම් සාධනීය මට්ටමකින් සාකච්ඡා කල හැකි බවද විශේෂයෙන් පළාත් පාලන ආයතන ආදියට මුදල් ඇතුඵ අනෙකුත් අවශ්‍යතා මෙයට වඩා ලබා දෙමින් ශක්තිමත් කල හැකි බවද ඒ මහතා කීය.
අපේ ස්ථාවරයේ සිට ඕනෑම අයෙකු සමග සාකච්ඡා කල හැකියැයිද එය ප්‍රජාතාන්ත්‍රික රජයක වගකීම යැයිද හෙතෙම පැවසීය.
මේ වන විටත් තීන්දුවක් නොමැතිව සිටින සැකකරුවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවිය යුතු බවත් ඒ සදහා කිසිදු බලපෑමකින් තොරව සාධාරණයක් ඉටු කිරීමට නීතියට හා අධිකරණයට අවශ්‍ය නිදහස පවතින බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.