මාවනැල්ල නගරයේ ඇති වෙළෙඳ සැල් විශාල ප්රමාණයකින් සමන්විත තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ හටගත් ගින්නක් පැතිර යෑමට පෙර මාවනැල්ල ප්රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවාදැමිමට ඊයේ ( 28) රාත්රියේදි සමත් වි තිබේ.
මාවනැල්ල නගරයේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නුවර සිට කොළඹ බලා යන දුර ගමන් සේවා බස් රථ නැවතුම් ස්ථානයට ඉදිරිපසින් මාවනැල්ල අධිකරණය වෙත ගමන් කරන මාර්ගයට යාබදව ඇති ස්ථානයේය.
මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ අමතර පන්ති පැවැත්වෙන බවත් ගින්න එම ස්ථානයෙන් හටගෙන පැතිර ගොස් ඇත. ගින්න කුමක් නිසා හට ගත්තාදයන්න මෙතෙක් අනාවරණය කර ගෙන නැත.
මෙ දිනවල පවතින රටේ වතාවරණය සමග ගින්න හට ගැනිමෙන් පසුව ආරක්ෂක අංශ වහාම ක්රියාත්මක වි ඇත්තේ මෙයද පිරිසක් විසින් සිදුකරන ත්රස්ත ක්රියාවලියක් වන බව සිතාය.
ඒ අනුව එම ස්ථානයට දැඩි ආරක්ෂාවක් යොදවා නගරයේ ආරක්ෂාවද තර කර මාර්ග කිහිපයක් තාවකාලිව වසා තැබුවත් පසුව අදාල සිද්ධිය ගැන පරික්ෂණවලින් තහවුරු කරගෙන ඇත්තේ ගින්න ත්රස්ත ක්රියාවලියක්නොවන බවයි.
මාවනැල්ල නගරය සිංහල, මුස්ලිම්, දමිළ ජාතින් ජිවත් නගරයකි. පසුගියදා සිදුවු ඉරිදා පාස්කු දින ප්රහාර මාලාව මෙන්ම පසුගිය දින වල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ මුල්ඇරඹුවද සිදුවුයේ මාවනැල්ලෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.