පසුගියදා මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානී කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා අද යළිත් (21) මාවනැල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදී මහේස්ත්රාත් උපුල් රාජකරුණා මහතා සැකකරුවන් ජූනි මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
අධිකරණ භූමිය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුනි.