පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (06) මාවනැල්ල දිසා මහේස්ත්රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් මැයි මස 20 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
එදින උදෑසන 7 පසුවි කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහේස්ත්රාත් අධිකරණය වෙත සැකකරුවන් 13 දෙනා ඉදිරිපත් කර ඇත.
එම 13 දෙනාට අමතරව පසුගියදා පාස්කු ඉරු දින ප්රහාර මාලාවේ නායකත්වය දැරු සහරාන් හෂිම්ගේ ප්රධාන පෙළේ ගෝලයන් දෙදෙනෙක් මෙන්ම මාවනැල්ල අවට බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප්රධාන සැකකරුවන් ලෙස පසුගිය සතියේ ගම්පොළ පාවහන් වෙළෙඳ සැලකින් අත්අඩංගුවට ගත් මාවනැල්ලේ දනාගම පදිංචි එකම නිවසේ අයියා සහ මල්ලි වන මොහොමඞ් ඉබ්රාහිම් සාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් දෙදෙනා අද මාවනැල්ල අධිකරණය වෙත රැගෙන එනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු සහගතව සිටියත් එය සිදු නොවිය.
මෙ වනවිට ඔවුන් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා ගනිමින් ප්රශ්න කරන බවත් ඔවුන්ගෙන් තවත් කරුණු හෙළි වෙමින් පවතින හෙයින් ඉදිරි දිනයක අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට හැකි වනු ඇති බව රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් මහේස්ත්රාත්වරයාට දන්වා සිටි අතර එහිදි මහේස්ත්රාත්වරයා ඒ සඳහා කොපමණ කාලයක් ගත වේදැයි එම නිලධාරින්ගෙන් විමසා සිටි අතර ඒ සඳහා ගත වන කාලය ඔවුන්ට පැවසීමට නොහැකි බවත් පරික්ෂණය කටයුතු අවසන් වු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පැවසීය.
එමෙන්ම ත්රස්තවාදය වැලැක්විමේ පනත යටතේ ප්රශ්න කිරිම් තවදුරටත් සිදු කිරිමට කාලය එහිදි මහේස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. ඊට මහේස්ත්රාත්වරයා අවසරය ලබා දුන් අතර එම පරික්ෂණ අවසන් වු වහාම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද එහිදි එම නිලධාරින්ට දැන්විය.