කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟම එම උවදුර පිළිබඳ වගකිවයුතු අංශයන්හි සහ රටවැසියන්ගේ දැඩි අවධානය යොමුව තිබීම වැදගත් බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා සදහන් කරයි.
ඔහු අද (12) නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස සඳහන් කර තිබේ.
“කෙසේ වුවත්, දැනට පලවන විශේෂඥ වෛද්‍ය මතයන්ට අනුව දිවයිනේ මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය තුළ රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියකට ඇති ඉඩකඩ අවම බව ප්‍රකාශ වී ඇත. මේ මොහොතේ පැමිණ ඇති අභියෝගයට එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සියලු වාදබේද අතහැර මනුෂ්‍යත්වය පෙරට තබා මුහුණ දීමට සූදානම් වන ලෙස සමස්ත රටවැසියන් වෙත ආයාචනා කරමි.
පවතින තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් සහිතව අනවශ්‍ය භීතියකින් තොරව වගකීමෙන් කටයුතු කිරීම තුළින් මෙම උවදුර මුල් අවස්ථාවේදීම පිටු දැකීමට අපගේ මාතෘභූමියේ සදාදරණීය ජනතාවට හැකිවනු ඇත.
හැකි උපරිම අන්දමින් වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් තමන්ගේ සහ අන් අයගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් කටයුතු කරන ලෙස යළිත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.