කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීමේ අරමුණින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිනවා දැයි පරික්ෂා කිරීමේ වැඩසටහනක් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරය අවට ස්ථාන කිහිපයකදී අද උදෑසන පැවැත්වුණි .
එහිදී මුඛ ආවරණ නොපැලද මහමග ගමන් ගත් රියදුරන් හා ජනතාව පරික්ෂා කළ අතර මුව ආවරණ නිසි පරිදි නොපළඳින පුද්ගලයන්ට තරයේ අවවාද කිරීම් ද සිදු කෙරිණි.
එසේම ප්‍රමිතියෙන් තොර මුව ආවරණ පළඳින ජනතාවට ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ බෙදා දීමක්ද සිදු කෙරිණි .
මෙම වැඩසටහන නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා සහ උප පොලිස් පරීක්ෂක නුවන් සමීර වීරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න