තම බාල සොහොයුරාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බවට පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.වින්දිත දරුවා 14 හැවිරිදි සිසුවෙකු බව පොලීසිය පවසයි.
වින්දිත දරුවා තම මිත්තණිය සමග වැලිගම පොලීසියට පැමිණ ඊයේ (08දා) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ උදෑසන අවදිව තේ පානය කිරීමට ගිය අවස්ථාවේ ඇතිවූ ආරවුලක් මත සිය වැඩිමහල් සහෝදරයා තමාට දරුණු ලෙසින් පහරදුන් බවයි.
ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ අනවශ්‍ය ලෙස ඔහුගේ ශරීරය ස්පර්ශ කරන ලෙස පවසමින් එසේ නොකරන අවස්ථාවලදී පහරදුන් බවයි. ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී 2017 වර්ෂයේදී සිය වැඩිමල් සහෝදරයා තමාට බරපතළ ලිංගික අපයෝජනයක්ද කළ බව පවසා තිබේ.
ඒ අනුව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී. ධර්මවර්ධන පොලිස් සැරයන්වරුන් වන සරත් ගමගේ, සමන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන ලක්ෂ්මන්, රත්නායක, මධුශංක ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් ඒ.එම්. චන්ද්‍රාකුමාරි නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වින්දිත දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ.සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලීසිය කටයුතු කරගෙන යයි.
වැලිගම - සුනිල් ධර්මබන්දු