මුල්ලේරියාව රෝහලේ ප්රයෝජනය සඳහා පී.සී.ආර්. යන්ත්රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර ඇති බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
එම රෝහලේ දැනට භාවිත කරන යන්ත්රයට යමක් සිදුවුවහොත් එම දෙවැනි යන්ත්රය භාවිත කිරීමට රෝහලට හැකියාව ලැබේ.
එම රෝහලේ PCR යන්ත්රය පසුගියදා තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර පසුව චීන තාක්ෂණික කණ්ඩායමක් පැමිණ එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.