කුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය තුළ කරන ලද කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවකින් පසුව එම බළ ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන යන මාළු අලෙවිසැල් කීපයක සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා ප්‍රකාශ කළේය.
මෙම මාළු අලෙවිසැල් වල සේවකයින් 58 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ බවද ඉන් ඊයේ දිනයේ ලැබුණු පරීක්ෂණ වාර්තා අනුව සේවකයින් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බවද වෛද්‍ය පතිරාජ මහතා සඳහන් කළේය.
මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මල්ලවපිටිය, උයන්දන, යග්ගපිටිය, පිලීකඩ, පිලැස්ස, ඉඳුල්ගොඩකන්ද සහ මොරතැන්න ප්‍රදේශ වල පවත්වාගෙන යන මාළු අලෙවිසැල් වල සේවකයින් පීසීආර් පරීක්ෂණයට ලක් කර ඇත.
මෙම මාළු අලෙවිසැල් සඳහා අවශ්‍ය මාළු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් රැගෙනවිත් ඇති බවද ඒ හේතුවෙන් මෙම සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා ප්‍රකාශ කළේය.