ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සති දෙක තුළ සාමාන්‍ය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50 ට වඩා පහත වැටීමෙන් පසු මාසය අවසානයේදී මෙල්බර්න් නගරයේ දැඩි අගුලු දැමීම් ලිහිල් කිරීමට කටයුතු කරන බව අඟවයි.
මෑත දිනවල සිදුවීම් පහත වැටීම සමග ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 42ක් වාර්තා විය. අගෝස්තු මුල සිට ත්‍රිත්ව අගයක් දක්වා ඉහළ යාමක් පැවති අතර, මේ වනවිට තත්ත්වය අනුව ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල සමහර සීමා කිරීම් ලිහිල් වනු ඇති බව කියැවේ.
ඒ අනුව මෙම ස්ථානවල පුද්ගලයින් 10 දෙනෙකු දක්වා එළිමහන් රැස්වීම් සඳහා අවසර දෙන බවත්, නිවසක පදිංචිකරුවන්ට වෙනත් නිවසකට යාමට අවසරය සහ ආපනශාලාවලට පිටත පුද්ගලයින් 50 දෙනෙකුට අසුන් ගත හැකි බවත් කියයි.