ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක කණ්ඩායමකට අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.
මෙම රුසියානු සංචාරක පිරිස 200 කට අධික පිරිසකගෙන් සමන්විත වන අතර , ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත 12/26 දින පැමිණීමට නියමිත බව ද උපුල් ධර්මදාස මහතා පැවසීය.
මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන්ට ද , එම සංචාරක නියෝජිතයන්ට ද සිදු කළ යුතු දැනුවත් කිරීම් සිදු කර ඇති බවත් ඒ මහතා පැවසීය.