ඉතාලියේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය මෙතෙක් පිහිටා තිබු ස්ථානයෙන් ඉවත්වී නව ස්ථානයකට ගෙනයාම සමග ඇතිකරගත් බදු ගිවිසුම ශ්‍රී ලංකා රජයට විශාල මුල්‍යමය වාසියක් ලබා ගැනීමට හැකි වූ බව මිලාන් නුවර වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ප්‍රභාශිනි පොන්නම්පෙරුම මහත්මිය පවසා සිටියාය.
මිලාන් කොන්සල් ජනරල් කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකරුවන් නැවත එය ඔවුනට බාරදෙන ලෙස කල ඉල්ලීමක් ශ්‍රී ලංකා රජයට වාසිදායක ලෙස හරවා ගැනිම හේතුවෙන් කොන්සල් කාර්යාලය නව ඉඩකඩ ඇති ස්ථානයකට ඒ හරහා ගෙනයාමට හැකි වූ බව ඇය පවසයි.
මේ හරහා යුරෝ හයලක්ෂ තිස් හත්දාස් නමසියක මුදලක් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 15 කෝටි තිස්ලක්ෂයකට අධික මුදලක් ශ්‍රී රජයට ඉතිරි කරදීමට හැකි වු බව ශ්‍රී ලංකා කොන්සල් ජනරල්වරිය පවසා සිටියාය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට