අසත්‍ය ත්‍රස්ත චෝදනා යටතේ මාලදිවයිනේ සිරගත කර සිටි ශ්‍රී ලාංකික ළහිර මධුශංකට නිදහස හිමිව තිබේ. මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ල ගයුම් මහතා ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් 2015 වසරේදී ඔහු අත්අඩංගුවට ගැනුන අතර 2016 වසරේ පටන් නඩු විභාගයකින් තොරව ඔහු සිරගත කර තිබුණි.
පසුගියදා මාලදිවයිනේ නව ජනපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයෙක් ලෙස එක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මේ සම්බන්ධයෙන් මාලදිවයිනේ නව ජනපතිවරයා දැනුවත් කිරීමටද කටයුතු කෙරිණ.
එසේම ඔහු සිරගත කර සිටි ළහිරු මධුශංක හමුවූ සාකච්ඡා කිරීමටත් අවස්ථාවක් ලැබුණි.