මුලතිව්, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ පළමු සහ දෙවන වසර සිසු දරුවන්ට ඊයේ දින ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට ඇති බවට මාන්කුලම් රෝහල් නිලධාරීන් පැවසූහ.
මුලතිව්, තුනුක්කායි, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා ආහාරය ගැනීමෙන් පසු පළමුව දරුවන් දෙදෙනෙකුට ආසාත්මිකතාවන් හට ගෙන ඇති අතර පසුව සෙසු දරුවන් 34 දෙනාද මාන්කුලම් රෝහල වෙතට ඇතුලත් කිරීමට පාසල් ආචාර්ය වරුන් විසින් පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිසු දරුවන්ගේ දෙමාපියන් විසින් කියා සිටියේ පාසලෙන් දරුවෙකු වෙත ලබාදුන් දිවා ආහාරය තුළ මියගිය හූනෙකුගේ වැනි කුඩා සතෙකුගේ ශරිර කොටස් තිබී ඇති බවටයි.
කෙසේ වෙතත් රෝහල්ගත කළ දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර,දරුවන් පිරිසක් ඊයේදිනයේම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇති අතර අද දිනයේදීද සෙසු සිසු දරුවන් ප්‍රතිකාර ලැබීමෙන් පසුව නිවෙස් වෙතට යාමට හැකි වෙනු ඇති බවටද මාන්කුලම් රෝහල් නිලධාරීහු කියා සිටියහ.
මධුශංඛ අමරසිංහ