මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කෝම්බාවිල් ප්‍රදේශයේදී ඊයේ දින පෞද්ගලික බස් රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.
අදාළ පෞද්ගලික බස් රථය බස් හිමියාගේ නිවස ඉදිරිපස නවතා තිබියදී රාත්‍රී කාලයේදී එකවරම ගිනිගෙන ඇති අතර බස් රථය ගිනි ගන්නා අවස්ථාවේදී නිවැසියන් නින්දෙන් සිට ඇති අතර ගින්න දැක ප්‍රදේශවාසීන් විසින් පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
ගින්න හේතුවෙන් බස් රථයේ අභ්‍යන්තරය ආසන ඇතුළු උපකරණ සියල්ලක්ම විනාශ වී ඇත අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බස් රථයේ හිමියන් සැක පල කර සිටියේ බස් රථය යම් කිසි පුද්ගලයෙක් විසින් ගිනි තබන්නට ඇති බවයි.
මධුශංඛ අමරසිංහ