මුලතිව් නයාරු මුහුදු වෙරළට ඊයේ (06) සවස ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගොඩගසා තිබූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
නයාරු මුහුදු වෙරළට ඊයේ සවස දැල් ආම්පන්න තොගයක් ගොඩ ගසා තිබීමෙන් මුලතිව් ධීවරයින් විසින් ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාළ ස්ථානයට ගිය මුලතිව් පොලිස් නිලධාරීන් විසින් ගොඩගසා තිබූ දැල් ආම්පන්න තොගය පොලීසයට රැගෙන ගොස් ඇති අතර එම දැල් තොගය ඉන්දීය ධීවර දැල් ආම්පන්න තොගයක් බවටත් එහි අයිතිකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටද මුලතිව් පොලීසිය කියා සිටියේය.
පසුගිය දෙසැම්බර් 30 වනදා නයාරු මුහුදට ඔබ්බෙන් පිහිටි වලයාලමඩ්ම් ප්රදේශයේදී අනතුරට ලක් වූ ඉන්දියානු ධීවර යාත්රාවේ දැල් ආම්පන්න මෙසේ නයාරු මුහුදු තීරයට ගොඩ ගසා ඇති බවට මුලතිව් ධීවරයින් සැක පල කර සිටි අතර අනතුරට පත් අදාළ ඉන්දීය ධීවර යාත්රාවේ සිටි ධීවරයින් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බවටද පරීක්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.