අවසන් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මියගිය වැසියන්ගේ 11 වැනි ගුණ සැමරුම අද (18) ඉතා චාම්ව මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී සංවිධානය කොට තිබුණි.
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේ උත්සවාකාරයෙන් සැමරීම් සිදු නොකරන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දී තිබුණු අතර අද දින මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී සුලු පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්දයෙන් මියගිය අය සැමරීම සිදු කෙරුණි.
කෙසේ නමුත් මියගිය අය සිහිකිරීමේ අවස්ථාවට සහභාගී වූ ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකට සිටි අයුරුද නිරීක්ෂණය විය.
මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය දල්වා මිය ගිය අය වෙනුවෙන් මල් පහන් දැල්වීම සිදු කෙරුණු අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූ අතර මුල්ලිවයික්කාල් නැවත පදිංචි වැසියන් පිරිසක්ද යුද්දයෙන් මියගිය අය සිහිකිරීමේ සැමරුම වෙනුවෙන් සහභාගී වී සිටියහ.