අද සවස 2.30ට පමණ මුලතිව්හි ලඳු කැලෑවක සිදුවූ පිපිරීමකින් 19 හැවැරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 හැවැරිදි තරුණයෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එම තරුණයින් දෙදෙනා ශරීර කෘත්‍ය සිදුකිරීමට ලදු කැළැවකට ගොස් ඇති අවස්ථාවකදී මෙම පිපිරීම වාර්තා වී තිබේ.
එහිදී ඔවුන්ගේ පාද තුවාල වී ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව 19 හැවැරදි තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රදේශය මීට දින කිහිපයකට පෙර එළි කිරීමක් සිදුකර ඇති අතර එම ප්‍ර දේශයට බලපා ඇති වර්ෂාව නිසා යම් ද්‍රව්‍ය උඩට මතුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඒවා පසුගිය යුද සමයේදී වළලා තිබූ ද්‍රව්‍ය බවට සැකකරන බවත් විශේෂඥ සහාය ලබාගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව තොරතුරු අණාවරණය කර ගත හැකි බවත් ඔහු පැවැසීය.
මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.