Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට මුලතිව් අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අවසන් කටයුතු සිදු නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22දා) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.
ඔහු පැවසුවේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අද (22දා) උදෑසන මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබාදී ඇති බවයි.
පූජ්‍ය කොලඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට ගෙන ඒමෙන් වළකින ලෙසට පළමුව සිදු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව මෙසේ ආදාහන පූජෝත්සවය සිදු කිරීම වලක්වාලමින් තහනම් නියෝගය ගෙන ඇත.
අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතනදේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිලධාරීන්ට හෙට (23) උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝගයක් ලැබී ඇති බව විහාරස්ථාන දායක සභාව පැවසුවේය.
popular news
සෙල්ලසාමි Sunday, 22 September 2019 06:01 PM
ගෝඨාභය මැතිතුමාගේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා
Reply : 0 0
Champa Sunday, 22 September 2019 08:11 PM
ඔන්න ඉතින් අපේ ඇඟේ ලේ රත් වෙන්නේ නැත්ද මේවා දකින කොට? මේ සිංහල බෞද්ධ රටේ, අවුරුදු 2000ස් ගානක ඉතිහාසයක් තියෙන, දළදා හාමුදුරුවොත් අනුරාධපුරයට වැඩම වන්න ඉස්සෙල්ල වැඩ හිටපු උතුරේ පන්සල් වලින් එකක් වෙන ගුරුකන්ද රජ මහා විහාරේ නායක හාමුදුරුවන්ගේ දේහයවත් තමන්ගේ තනි හයියෙන්, ජීවිත පූජාවෙන් ආරක්ෂා කර ගත්ත පන්සලට ගේන්න තහනම්. මොකක්ද මේ රට? සිංහල බෞද්ධ අපිට මේ රටේ කිසි අයිතියක් නැහැ. දකුණු ඉන්දියාවෙන් ආපු කල්ලතෝනියි වෙළඳාමේ ආපු මරක්කලයෝයි මේ රටේ සම්පූර්ණ අයිතිය අරගෙන. මට හරිම කණගාටුයි මේ හාමුදුරුවෝ අපවත් වීම ගැන. ගුරුකන්ද විහාරේ ගැන මම හුඟක් ලියල තියෙනව. මේ අපවත් වීම ගැන වුනත් මට සැකයි. තැනක දැක්ක පිළිකාවක් කියල. ඒ වුනාට කිසිම ඒ ගැන කතාවක් කලින් කියලා තිබ්බේ නැහැනේ. මේ හාමුදුරවෝ පන්සල බේරගන්න අවුරුදු ගානක් තනි සටනක් කළා. ජනාධිපති අගමැති බුද්ධසාසන ඇමති හිටපු සහ ඉන්න සංස්කෘතික ඇමතිවරු මේ පන්සල පැත්තක ගියේ නැහැ. මුහුදු මහා විහාරේ හාමුදුරුවොත් පරිස්සම් වෙන්න. තව ටික කාලෙයි ඉවසන්න තියෙන්නේ.
Reply : 0 0
බණ්ඩාර Sunday, 22 September 2019 08:13 PM
ඔන්න රටකට ගිය කල. සිරිසේනෝ චන්ද ප්රේතෝ........ රටේ නායකයා හැටියට ඔන්න සිංහලයින්ට වැඩ පෙන්නන්න හොඳ වෙලාව.
Reply : 0 0
wimal Sunday, 22 September 2019 08:55 PM
කෝ ,,,?කොහෙද මේ ඇල්වතුරත් නිවලබීපු සුදු රෙදි පෙරවගනිපු ජාතික වීරයෝ ??? මුන් කකුස්සි ඇතුලේ හැංගිලා ...අපිට අපෙ හමුදුරුවන්ගේ ආදහනය කරන්න මේ රටෙ ඕන තැනක අයිතිය තියෙනවා ....මේ පාලකයෝ මුන් බෞදයෝද ??? " අපි අසරණවෙලා බුදු හමුදුරුවනේ"
Reply : 0 0
Champa Monday, 23 September 2019 02:39 AM
ගුරුකන්දේ හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලේ දේහය තියන්න දෙන්න නැත්නම් නඩුකාරය ඉන්න උසාවියේ හාමුදුරුවන්ගේ දේහය තියමු. යකෝ සිංහලයා නැගිටපල්ලා. හාමුදුරු කෙනෙක් ආදාහනය කරන එක නවත්තන්න තීන්දුවක් දෙන්න උසාවියකට තියෙන බලය මොකක්ද? කෝ යකෝ මේ රටේ ප්රජාතන්ත්රවාදය තියෙනවයි කිව්වේ කොහෙද? තමන්ට කැමති ආගමක් අදහන්න සිංහලයන්ට නිදහසක් නැහැ. ....... රැලක් රජවෙලා ඉන්නේ. ඒකයි මේ වගේ කවදාවත් නොවුණු දේවල් වෙන්නේ. තව කාලයක් හිටිය නම් කොහොමද? උතරු නැගෙනහිර එක පන්සලක් ඉතුරු කරන එකක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd