මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්රදේශයේදී වළදමා තිබියදී සොයාගත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අද (16) දිනයේදී අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුර පවසයි.
නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පුදුමාතලන් කැලෑබද ප්රදේශයේදී සිදුකරන ලද සෝදිසි කිරීමකදී අදාල බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය හමු වී ඇත.
එහිදි හමුවූ යුද උපකරණ අතර ජීව අත්බෝම්බ දෙකක්, ආර්.පී.ජී. උණ්ඩ දෙකක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05ක් මිලිමීටර් 80 මෝටාර් උණ්ඩ දෙකක් සොයාගත් දෑ අතර වෙයි.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන්නට ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පල කර සිටින අතර මුලතිව් මහෙස්ත්රාත් අධිකරණ නියෝගයකට අනුව මෙම බෝම්බ තොගය නිශ්ක්රීය කිරීමට පියවර ගෙන ඇත.