මුලතිව් දිස්ත්‍රීක්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කිරන ලද සත්‍යග්‍රහයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් අද (09) දින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් කලු කොඩි හා කලු ඇඳුමින් සැරසී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පසුගිය 2017 වසරේ මාර්තු මස 09 වනදා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද සමයේදී අතුරුදහන් වූ සිය දරු මුණුබුරන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලද අතර විසඳුමක් නොලැබීමෙන් මේ දක්වාත් එම සත්‍යග්‍රහය පවත්වමින් ඇත.
මුලතිව් අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව විසින් මෙම විරෝධතා පාගමන මුලතිව් ඉරායිප්පර් කතොලික දේවස්ථානය ඉදිරිපිටින් ආරම්භ කල අතර විශාල විරෝධතා පාඨයන් ඇතුලත් බැනර්ද සමගින් පාගමන මුලතිව් නගර මධ්‍ය දක්වා ගමන්කරමින් පසුව විරෝධතාවක නිරත වූහ.
එහිදී විරෝධතා කරුවන් වැඩිදුරටත් පවසා සිටියේ යුද්දය අවසන් වී වසර 12කට අධික කාලයක් ගත වී ඇතත් මේ දක්වා කිසිදු රජයක් තමන්ගේ ගැටලු වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා නොදීමෙන් යුද්දය හේතුවෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති මේ මොහොතේ ජාත්යන්තරෙයේ මැදහත්වීමකින් හෝ පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටය.