Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රය සැකසීමේදී මෙම ඉන්ධන වරායේ ගොඩබෑම සඳහා වන පිරිවැය, එය සැකසීම සඳහා වන පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය යන දර්ශක හතරේ එකතුවෙන් සකස් කරගන්නා ඉන්ධන සඳහා වන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය කෙරෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
පසුගිය මැයි 10 වැනිදා සිට හඳුන්වාදීම ඇරඹුණු මෙම මිල සූත්‍රය පැහැදිලි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී අද (18දා) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් පිහිටවුණු තාක්ෂණික කමිටුවක් හරහා මෙම ගණනය කිරීම් සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම දර්ශක හතර යටතේඉන්ධන වරායේ ගොඩබෑම සඳහා වන පිරිවැය V1 ලෙස හඳුන්වා ඇත. සැකසීමේ පිරිවැය V2 ලෙසත් පරිපාලන වියදම V3 සහ බදු පිරිවැය V4 ලෙසත් නම් කර තිබේ.
මෙහිදී වරායේ ගොඩබෑම සඳහා වන පිරිවැය යටතේ බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකමද සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. එසේම V2ලෙස හැඳින්වෙන සැකසීමේ පිරිවැය සඳහාවරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළෙඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම්ද ඇතුළත්වෙයි.
V3ලෙස හැඳින්වෙන පරිපාලන පිරිවැය යටතේ සේවක වැටුප්, දීමනා වැනි පරිපාලන වියදම්ද රුපියලේ අගය අවප්රමාණයවීමද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම්ද ඇතුළත් වෙයි. මීට අමතරව V4 ලෙස සඳහන් වන බදු පිරිවැය යටතේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපොල සංවර්ධන බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයත් වන බව අනාවරණය කෙරිණි.
"බැලූ බැල්මට මෙම මිල සූත්‍රය සරලයි. ඒත් ඒ ඇතුළේ කාරණා ගොඩක් තියෙනවා. මෙතැනදි හුඟ දෙනෙක් බදු ගැන කතා වෙනවා. ඒත් කලාපයේ සහ අනෙකුත් රටවල ඉන්ධන සඳහා අය කරන බද්දට සාපේක්ෂව ගත්තොත් අපේ රටේ බදු අය කිරීම පහළයි" අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී උදාහරණයක් ලෙස ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ පැට්රල් ලීටරයක් සඳහා වන බදු ප්‍රමාණය රුපියල් 82.14 ක් බවත්, ඩීසල් සඳහා එය රුපියල් 57.52 ක් බවත් පැවසුණි. එහෙත් ශ්‍රී ලංකාවේදී එය පැට්රල් සඳහා රුපියල් 53.68ක් සහ ඩීසල් සඳහා රුපියල් 35.48 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
Champa Thursday, 18 October 2018 06:15 PM
Number-nuts
Reply : 0 0
Champa Thursday, 18 October 2018 06:53 PM
මේ සූත්‍රයට එකඟ වෙන්න බැහැ. කෝ මේකේ සියයට ගණන? ඒ කියන්නේ Vi, Vii , Viii සහ Viv සඳහා වෙන පිරිවැයවල් උපරිම සිල්ලර මිලෙන් කුමන ප්‍රතිශතයක් ගන්නවද කියලා කියන්න ඕනේ. ----- මේකේ මේ Viii ඉවත් කරන්න පුළුවන්. Vi සහ Viii එකක් විදිහට ගන්න පුළුවන්. ඒ මොකොද කිව්වා නම් මේකේ එකම දේට දෙපාරක් අය කරනවා eg: "රුපියලේ හුවමාරු වටිනාකම" (Vi) ට ඇතුල් කරලා ආපහු Viii ටත් "රුපියලේ අගය අවප්‍රමාණ වීම" ඇතුල් කරලා තියෙනවා. එකයි පුළුවන්. Exchange rate කිව්වහම ඔය දෙකම අයිතියි. ---- අනිත් එක Viii යටතේ සේවක වැටුප් දීමනා සහ ආයතනික වියදම් මිල සූත්‍රයට එකතු කිරීම වැරදියි. මේ Viii සම්පූර්නයෙන්ම ඉවත් කරන්න පුළුවන්. ----- අනිත් එක බදු පිරිවැය විදිහට Viv ට අයත් විය යුත්තේ VAT විතරයි. ඒක වෙනම තියෙන්න ඕනේ. "රේගු ආනයන බද්ද" Vii ට ඇතුල් කරන්න ඕනේ. පෙට්‍රල් මිල; "වරාය සහ ගුවන් තොටුපොල බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්දෙන්" නිදහස් කරන්න ඕනේ.
Reply : 3 3
Sam Thursday, 18 October 2018 09:58 PM
MVP=v1 v2 v3 v4 . 155=v1 v2 v3 v4 මංගල මහත්තයෝ , ඕක උස්සල විතරක් වැඩක් නැහැ, මේකේ v1 v2 v3 v4 වලට අගයන් කියන්නකෝ ??????
Reply : 0 0
Raawana Friday, 19 October 2018 04:59 PM
සේවක වැටුප් සහ ආයතන වියදම් දරන්න වෙන්නේ තෙල් ගහන ජනතාවද? එතකොට අයවැයෙන් ආයතනයට වෙන් කරන මුදල් වලට වෙන්නේ මොකක්ද? මේ ගහන්නේ ඩබල් ගේමක් නේද...? එතකොට සේවකයින්ට වැටුප්වලට,බෝනස් වලට ,හොරා කන ඒවාට , අතිකාල දීමනාවලට කරගහන්න වෙන්නේ අහිංසක ජනතාවටද..?
Reply : 0 0
agamulana maraa Friday, 19 October 2018 05:03 PM
ඔය සුත්‍රය වැරදියි..ඔය සේරම එකතු උනාම(වී ෆිනිෂ්)
Reply : 0 0
karu Saturday, 20 October 2018 11:12 AM
එතන හිටි එරාන් ඇතුළු අනෙක් එවුන්ගේ මුහුණු වල තිබුණ පඩත්තල හිනාව නින්දිතයි. පාපතරයින් හිනැහෙන්නේ ජනතාවටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd