මාලදිවයිනේ රඳවාගෙන සිටි ශ්‍රී ලංකික ධිවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට හැකි වූ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.
මෙම ධිවරයින් හෙට [ 11දා ] රාත්‍රී යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබේ යු.එල්.104 දරණ ගුවන් යානයෙන් හෙට රාතී‍්‍ර 9 ට මෙම ධිවරයින් 21 දෙනා මාලදිවයිනෙන් පිටත්වීමට නියමිතය .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් බලධාරීන් සමග කළ සාකච්ජාවල ප්‍රථිපලයක් ලෙස මෙම ධිවරයින් පිරිස යළි ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය
මාලදිවයින බලධාරීන්ගේ අත්අඩංගුවෙන් නිදහස් කරගත් මෙම ධීවරයින් 21 දෙන යළි ගෙන්වාගැනීම සදහා ගුවන් ටිකට්පත් , ආහාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 16 ක මුදලක් ඊයේ [ 09 ] දින ධිවර දෙපාර්තමේන්තුව මගින් ලබාදීමටද කටයුතු කර තිබුණි.