ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරන ලදුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින විදේශිකයන් 166ක් ආපසු ශ්‍රී ලංකාවෙන් පිටත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
මෙම කඳවුරේ රැඳවියන් 36 දෙනෙකු සඳහා ප්‍රමාණවත් පහසුකම් ඇති බව රජය සඳහන් කරයි. මේ හේතුවෙන් රැඳවියන් අතර විවිධ ගැටලු උද්ගත වී ඇති හෙයින් එම රැඳවියන් කෙටි කාලයක් තුළ නැවතත් ඔවුන්ගේ රටවල්වලට පිටත් කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කර තිබේ.