මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් වැල්සිරිපුර, රාහුලපුර , ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙලෙස එම ප්‍රදේශයන් හුදෙකලා කිරීමට තීරණය කිරීමට පියවර ගෙන ඇත්තේ එම ප්‍රදේශ තුලින් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා විම හේතුවෙනි.
කුරුණෑගල විල්ගොඩ ගම්මානය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථන පැවසුවේ, විල්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමග එම තීරණය ගෙන ඇති බවයි.