Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ලෝකයේ අනෙකුත් රටවල පාර්ලිමේන්තුවල සිදුවන ගැටුම් දෙස බැලීමේදී ලංකවේ පාර්ලිමේන්තුවේ සිදුව ඇත්තේ ඉතා සුළු සිදුවිමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
මිරිස් කුඩු එතරම් භයානක ආයුධයක් නොවන බවත්, පසුගිය සිකුරාදා කිසිදු පොලිස් නිලධාරියෙකුට පහරදීමක් සිදුනොවුණු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරීම 100%ක් අනුමත කරන්න බැහැ. එසේ නොවුණා නම් ඊට වඩා භයානක ප්‍රතිඵලයක් රටට යන්න තිබුණා. මේක ලංකාවේ පාර්ලිමේන්තුව කියලා වෙනම ගොනු කරන්න බැහැ.
එංගලන්තයෙ,ඇමෙරිකාවේ,ආසියාවේ අනෙකුත් රටවල පාර්ලිමේන්තු ගැන සොයා බලන්න.එහෙම ගුටිකෙලි මෙහේ නැහැ. ඒවා බැලුවාම හිතෙනවා අපි හොඳයිනේ කියලා.ඒවාට සාපේක්ෂව අපි හොඳයි කියලා මට හිතුණා. පාර්ලිමේන්තුව ඇතුළේ එහෙම ගහගන්නවා. මිරිස් කුඩු කියන්නේ එච්චර භයානක ආයුධයක් නොවෙයි. ඒ මිරිස්වලින්ම තමයි පාර්ලිමේන්තුවේ උයන්න ගන්නෙත්.
සිකුරාදා පාර්ලිමේන්තුවට ගෙනාවේ මිරිස්කුඩු කියලා තවම තීරණය කරන්න බැහැ. පොලිස් නිලධාරීන්ට කනට ගැහුවේ නැහැ. මම එතන ඉස්සරහ හිටියා. පුටුව උස්සන් එනකොට පොලිස් නිලධාරීන් හිටියේ. ප්‍රශ්නයක් වුණාම අත එහාට මෙහාට කරද්දී කනට ගැහුවා වගේ පේනවා. අපි අත් දිගු කර කිව්වේ එන්න එපා කියලා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද මට හමුවුණාම සමාජජාලවල පැතිරෙන වීඩියෝව ගැන අහනවා” යැයි පවසා සිටියේය.
popular news
chathuri Monday, 19 November 2018 09:27 PM
මේ වගේ කෙනෙක් අරින්න ඕන මස් කඩේට. මෙයා කියනවා මිරිස් කුඩු නරක දෙයක් නෙමේලු. මෙයාලගේ ගැණු මෙයාලට හැමදාම මිරිස් කුඩුවලින් ගහන නිසා ගානක් නැහැ. ඊලග පාර යනකොට මෙයාගේ මුණ හෝදන විශේෂ දියරයක්. තියෙන්නේ ඒක රැගෙන යන්න. එතකොට මෙයාට වෙනස තේරෙයි දෙකම එකයි කියන එක. කවදද ඇමරිකාවේ, එංගලන්තයේ මිරිස් කුඩුවලින් ගහ ගත්තේ. දැන් පර්ලිමෙන්තුවේ ගැලරියේ ඉන්න අයටත් පුළුවන්. මිරිස්කුඩු අරන්. ගිහින් මේ අය මරා ගන්න කොට.ගහන්න. ඒක එතරම් දෙයක් නෙමේ.
Reply : 0 1
Kumar Monday, 19 November 2018 10:24 PM
මේ ලෙස මන්ත්රනසබහවල අවිනීතව හැසිරෙන්නේ නුගත් තුවනලෝකයේ රටවල් නමින් හදුන්වන රටවල්වල පමණි.
Reply : 0 1
Champa Tuesday, 20 November 2018 04:42 AM
අන්තිම ලැජ්ජයි පාර්ලිමේන්තුවේ හැසිරීම. මිරිස් කුඩු වලට ඔහොම කියනව නම් ඉතින් පිහියත් පාර්ලිමේන්තුවේ කුස්සියේ තිබ්බ butter knife එකක් කියල කියන්න බැරිය. නිකම් කරපු වරදවල් වහන්න හදන්න එපා. මුළු ලංකාවම දැක්ක. අනිත් කිසිම රටක කථානායකට wastepaper basket වලින්, බර පොත් වලින්, මේසේ උඩ තිබුන දේවලින් ගහල තියෙනවද? ලෝකේ කිසිම රටක එහම වෙලා නැහැ. පාර්ලිමේන්තුව වගේ තැනකදිත් තමන්ව පාලනය කර ගන්න බැරි මන්ත්‍රීවරු මිලියන් 21ක් පාලනය කරන්නේ කොහොමද? කථානායකතුමා හිත හයිය තියෙන මින්හෙක් හින්ද හොඳයි නැත්නම් වෙන කෙනෙක් නම් ජීවිතේ නැති වෙන්නත් තිබ්බ. අර පුටුව හදිසියේවත් උඩින් ගිහින් කථානායකතුමාගේ ඔලුවේ එහෙම වැදුන නම්? අනික ඒක බර පුටුවක්. මිනිස්සු දෙන්නෙක් උස්සන් ආවේ. අන්තිම කැතයි හැසිරීම. අපිට අනිත් රටවල ඒවා වැඩක් නැහැ. මොකොද පඩි ගෙවන්නේ අනිත් රටවල්ද? අනිවාර්යයෙන්ම උපරිම දඬුවම් දෙන්න ඕනේ දෙපැත්තේම වැරදිකාරයන්ට. රටේ අනාගත පරපුරටත් හැදෙන්න කියා දෙන පාඩමක් විදිහට. දැන් ඉස්සර විමල්, උදය, රණවීර වගේ අය කථානායකතුමාට හිනා වුනා නේද කොන්දක් නැහැ කියලා. හීන්බබා සීය කිව්වා ඔන්න දැන් කොහොමද ගට? Hulk Hogan පරාදයි. හොඳ වැඩේ
Reply : 0 0
rocky Tuesday, 20 November 2018 06:25 AM
ඔය කියන්නේ! එයාට හොඳට අත් දැකීම් ඇති. අර පරණ රස්සාව කරපු කාලේ ඒක කරගන යද්දී මිරිස් කුඩු ගැහිල්ල ගැනත් හොඳ පළපුරුද්දක් ලැබෙන්න ඇති! අර නයා ගහපු වෙලාවේ එකට බේත් කෙරුවෙත් මිරිස් කුඩු වලින්ද.
Reply : 0 0
Don Tuesday, 20 November 2018 08:31 AM
මිරිස්කුඩු ගෙදර පාවිච්චි කරන්නේ රසවත් ලෙස ආහාර පිස ගන්න මිරිස්කුඩු පාතාලයෝ පාවිච්චි කරන්නේ බැංකු මංකොල්ල කන්න මිරිස්කුඩු හොඳ නම් නාසයට උරන්න දුන්කුඩු වගේ මිරිස්කුඩු හොඳ නම් ඇස් දෙකටත් දාගන්න
Reply : 0 0
Priyantha Tuesday, 20 November 2018 12:24 PM
අපිට අනිත් රටවල ඒවා වැඩක් නැහැ. Don't try to compair with next door.You haven't got knowledge to talk about good and bad.Go back to government school or hell.
Reply : 0 0
Nandana Tuesday, 20 November 2018 01:23 PM
මෙයාගේ ඉස්සර ජොබ් එක අනුව අහිංසකයන්ට මිරිස්කුඩු ගහල හොඳට පුරුදු ඇති .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd