මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළදසැල් අද දහවල් සිට වසා දැමිමට කටයුතු කල බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේ මුහුදු බඩ මුහුදුකටුව මාර්ගයේ මාළු වෙළදාමේ නිරත වු අයකු ජෛව පටල සාම්පල පරික්ෂණයකින් පසුව කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ විමත් සමග මුහුදුකටුව මත්ස්‍ය වෙළද සැල් වසා දැමිමට කටයුතු කල බවයි.
අදාල ආසාදිතයා සමග 50 දෙනෙකු දින දෙකකට පෙර හදිසි ජෛව පටල සාම්පල පරික්ෂාවකට ලක්කර ඇති අතර අදාල වාර්තා අද දින ලැබි තිබු බවත් එහිදි මෙම මත්ස්‍ය අලෙවි සැල් වල වෙළදාම් කල ආදාල තැනැත්තා ආසාදිතයකු බවට සනාථ වි ඇති බව කියයි.
මේ අනුව මුහුදුකටුව සිට වෙන්නප්පුව දක්වා මුහුදු බඩ මාර්ගය දෙපස මත්ස්‍ය වෙළදාමේ නිරත ස්ථාන 100ක් පමණ සම්පුර්ණයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි .
ඒ සමගම ආදාල ආසාදිතයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගිලන් රථ මගින් රැගෙන යාමට කටයුතු කල බව සෞඛ්‍ය අංශ පවසයි.
නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උපුල් ජයතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියේ පවතින තත්ත්වය අනුව හෙට දින 100ක පිරිසකගේ ජෛව පටල සාම්පල ලබා ගැනිමට කටයුතු කරන බවත් මේ වන විට ජනතාව දැනුවත් කිරිම් කල බවයි.