2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගය, ජන සෙත පෙරමුණ ඇතුළු ප්‍රධාන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 08 ක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දී අවසන් කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේන් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදිමට මර්වින් සිල්වා මහතා තිරණය කර ඇති අතර ඒ වෙනුවෙන් අත්සන් තැබිමද අද දිනයේදි අනුරාධපුර දිස්ත්රාක් ලේකම් කාර්යාලයේදි සිදු විය.