ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
2018 දෙසැම්බර් මස 31 වැනි දිනට වාර්තා වන තොරතුරු අනුව පිරිමි 1215 දෙනෙකු හා කාන්තාවන් 84දෙනෙකු මෙම පිරිස අතර සිටින බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම කර ඇති රැඳවියන් 476 දෙනෙකු සිටින බවත්,ඒ අතර පිරිමි 426 දෙනෙකු හා කාන්තාවන් 50 දෙනෙකු සිටින බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
පිරිමි රැඳවියන් 789 දෙනෙකු හා කාන්තා රැඳවියන් 34 දෙනෙකු තමන්ට නියම කර ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.