මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සළකා බැලීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
මෙම පෙත්සම මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනුකර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ල දීපාලි විජේසුන්දර ,ජනක් ද සිල්වා, අචල වෙංගප්පූලි, අර්ජුන ඔබේසේකර යන අය නම්කර තිබේ.
එම විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම අද පෙරවරු 11.30 ට කැඳවීමට නියමිතය.