ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩය යළි ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය හා තවත් බටහිර රටවල් කිහිපයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
මේ අනුව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, එක්සත් රාජධානිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල් ඒකාබද්ධව රජයෙන් මෙම ඉල්ලීම කර තිබේ.
මරණ දඬුවම යනු කිසිසේත්ම පිළිගත නොහැකි මානව අයිතිවාසිකම් නොසලකා හරින දඬුවමක් බවත් 2018 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකාව මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහන් කරයි.
මරණ දඬුවම නියමවී ඇති එහෙත් තවදුරටත් බන්ධනාගාර වල සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ඉහතදී ප්‍රකාශ කළේය.
එසේම මීට දින කිහිපයකට පෙර ජනපතිවරයා සඳහන් කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින වකවානු පවා මේ වන තීරණය කර ඇති බවත් එම තීරණය කිසිම ලෙසකින්වත් ආපසු නොහරවන බවයි.
සීඝ්රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටලුවක් බවත් මත්ද්‍රව්‍ය ජවාරමට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් ඒ සඳහා මරණ දඬුවම ඵලදායි නොවන තර්කයක් බවත් මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඇති අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් ඉවත් ඔවුහු සඳහන් කරති.
ලොව පුරා රටවල් තුනෙන් දෙකකට අධික ප්‍රමාණයක් මරණ දඬුවම අහෝසි කිරිමට හෝ එය ක්‍රියාත්මක නොකිරිමට තිරණය කර ඇත. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 වසරේදීය.