මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
අද දහවල් 1.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. තුවාලකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබේ.
අවුරුදු 36ක් වන පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි තැබූ සැකකරු පිළිබඳව තොරතුරු වාර්තා නොවන බව පොලීසිය පවසයි.